මහජන සාමයට ආරක්ෂක අංශ කැඳවමින් ගැසට් නිවේදනයක්

දෙසැ 22, 2019

    මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයි සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී වලට කැඳවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    අද (22) දිනසිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

    පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කළ හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජන ආරක්ෂා අඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් යුද, නාවික සහ ගුවන් හමුදා කැඳවකු ලැබිණ.

    ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා සාමාජිකයින් කැඳවීමට ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පියවර ගෙන තිබේ.

     

    Latest News