කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන "රන් මාවත" (Gold Route) විවෘත කර තිබේ.

රත්මලාන ගුවන් තොටුපලින් කාලසටහන්ගත ගුවන් ගමන්, ආරම්භ කරනු ලබන ගුවන් සමාගම්වලට සහන ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම ඊයේ (28) දිවයිනට පැමිණියේය. ඒ දහවල් 2.08ට Pq555 දරණ ස්කයි අප් ගුවන් යානයෙන්.

කටුනායක හා මත්තල ගුවන් තොටුපළ සඳහා ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු සඳහා යළිත් සහන කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා 2020.12.26 දින සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම හෙට (14) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් පස්දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) සිට අවසර ලබා දී තිබේ.

රටවල්‌ 3ක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුල්වීම සති දෙක කාලයකට තහනම්‌ කර තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් තෙමසක් ඇතුළත අවසන් කරන ලෙස, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාණ කොන්ත්‍රාත් සමාගමට උපදෙස් දී තිබේ. එසේ කිරීමට අසමත් වුවහොත්, ජපන් රජයට පැමිණිලි කර අදාළ සමාගම අසාදු ලේඛනගත කරන බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

Latest News