පිටවීමේ පර්යන්තයට අමුත්තන් 5ක් ගෙන ඒමට අවසර

ජූලි 06, 2020

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් පස්දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) සිට අවසර ලබා දී තිබේ.

    එම මහජන ආලින්දය වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට අනුකූලව එම පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්ය බව ද නිවේදනය කර තිබේ.

    Latest News