ගුවන් සමාගම්වලට ගාස්තු සඳහා යළිත් සහන කාල සීමාවක්

දෙසැ 22, 2020

    කටුනායක හා මත්තල ගුවන් තොටුපළ සඳහා ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු සඳහා යළිත් සහන කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

    දෙසැම්බර් 26 වනදා සිට 2021 ජනවාරි 19 වනදා දක්වා එය අදාළ වන ලෙසට මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

    සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    ජාත්‍යන්තර ගුවන් ගමන් කේෂ්ත්‍රය මුහුණ දී ඇති අර්බුද හේතුවේ එම තීරණය ගෙන ඇත.

    විදේශ සංචාරකයින් සඳහා ගුවන්තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුගමනය කරමින් එම කටයුත්ත සිදු කෙරේ.

    ඒ අනුව විශේෂිත කාලසටහන්වලට අනුකූලව ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් මෙහෙයුම් කටයුතුවල නිරත වීමට නියමිතය.

    Latest News