වාණිජ ගුවන්සේවා සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමට දිනයක්

දෙසැ 13, 2020

    ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා 2020.12.26 දින සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පිහිටි කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළ වෙත වානිජමය ගුවන් යානා (Commercial Flights ) සහ ස්ථිර කාළ සටහනකින් තොරව ගමන් ගන්නා (Charter Flights ) ගුවන් යානා සදහා සිය මෙහෙයුම් කටයුතු කිරීමට අවසර හිමි වීමට නියමිතයි.

    එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ද පසුව නිකුත් කිරීමට නියමිතය.

    එමෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබඳව ස්ථිර දින වකවානු ඉදිරි දින කීපය තුළ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කරයි.

    Last modified on ඉරිදා, 13 දෙසැම්බර් 2020 11:01

    Latest News