2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පිළිබඳ නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රය මාර්ගගත ක්‍රමයට බාගත කර ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිව තිබේ.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර(උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අයදුම්පත් කැඳවීමේ කාලය 2021 සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කෙරේ.

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 වැනිදින ආරම්භ කර නොවැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී ඇති බව එම අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

මෙවර උසස් පෙළ විභාගයේ විෂයයන් හතරක් සඳහා පෙනී සිටින සිසුන්ට ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙහි අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල අනූව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රතිශතය සියයට 73.84ක් බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා නිවේදනය කරයි.

2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

Latest News