ඒ, කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙනි.
රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට, දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යංශ ලේකම්වරයා වෙත සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී ම ප්‍රකාශයට පත්කරනු ලබන බව අමාත්‍යංශය නිවේදනය කරයි.