A/L විෂයන් 4ක් සඳහා ගණක යන්ත්‍ර භාවිතයට අවසර

මැයි 17, 2020

    මෙවර උසස් පෙළ විභාගයේ විෂයයන් හතරක් සඳහා පෙනී සිටින සිසුන්ට ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    ඒ අනුව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණ විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත ප්‍රකාශ කළේ.

    කෙසේ වෙතත් උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය වර්ගයේ ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ ලබාදෙන අතර එය විභාග අපේක්ෂකයන් විසින් සපයාගත යුතුව වේ.

    Latest News