උතුරු පළාත් ආණ්ඩුකාරධුරය පී. එස්. එම්. චාල්ස්ට: පත්වීම් ලිපිය ජනපතිගෙන් (වීඩියෝ)

දෙසැ 30, 2019
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

    නව රජය යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්යි අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස පත් කළ අතර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මීට පෙර රාජකාරි කළාය.

    පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද දීර්ඝ කාලයක් සේවය කර තිබේ.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 20:25

    Latest News