පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ දැන වගකීම් පැහැර හැරී සැමට එරෙහිව ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගේ අවධානය

දෙසැ 04, 2019

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහ ප්‍රහාරය දැන වගකීම් පැහැර හැරී පුද්ගලයන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව තම විශේෂ අවධානය යොමුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. 

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොමිසමේ සාමාජිකයන් පසුගියදා හමුවූ අවස්ථාවේ එහි කාර්ය භාරය සමාලෝචනය කරමින්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබාදී තිබේ. ඉදිරියේදී මෙවන් ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව කොමිසමේ නියෝජිතයන් දැනුවත් කළ බව ජනාධිපතිතුමා පවසයි. පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් සැමට සාධාරණය ඉටු කිරීම තම අධිෂ්ඨානය බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    Last modified on බදාදා, 04 දෙසැම්බර් 2019 19:58

    Latest News