පාස්කු ප්‍රහාරය ගැන රිෂාඩ් බදුර්දීන්ගෙන් CID යට ප්‍රකාශයක්

දෙසැ 30, 2019

    අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

    අද උදෑසන 10 ට පමණ පැමිණි මන්ත්‍රිවරයා 11.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

    පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ඇමතිවරුන් වන රිෂාඩ් බදුර්දීන් හා රවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දන්වා තිබුණා.

    Latest News