ඉංග්‍රීසියෙන් බණ කියා ලද පඩුරු ගමට දෙන සිහිනය සැබෑ කර ගත් ගමේ පන්සලේ අපුරු හාමුදුරුවෝ

දෙසැ 30, 2019

    අති දුෂ්කර ගම්මානයක විහාරස්ථානයේ වැඩ හිඳිමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන ලෝකය පුරා වැඩම කර ඉංග්‍රීසියෙන් බණ කියා ලැබුණු දහම් පඩුරු වලින් ගමේ දරුවන්ට ඉංග්‍රීසි සහ දමිළ භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය නොමිලේ ලබාදීමට ඉදිකළ බහු කාර්ය දෙමහල් ගොඩනැගිල්ල ජනතාවට භාරදීම පසුගියදා සිදුකෙරිණ.

    ගභාර දීම පසුගියදා රටවල් පහක පමණ දුත පිරිස අතින් සිදු කෙරිණි. මෙම අපුරු භික්ෂූව අඹන්පොල විනීත හිමි ලෙස අනුරාධපුර ගල්කිරියාගම උල්පතගම සාක්‍යසිංහාරාමය විහාරස්ථානයේ වැඩ සිටිති.

    අඹන්පොල විනීත හිමියන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්කිරියාගම උල්පතගම පිහිටි ශාක්‍යසිංහාරාමය වැඩ සිටිමින් සිදුකළ අපූරු කළගුණ සැලකීමේ පිංකම සහ ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් යුතු දරුවන් ලෝකයට හඳුන්වා දීමේ මාහැඟි වැඩසටහනකි. උන් වහන්සේගේ දීර්ග කාලින අරමුණ වූ ගමේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම හා නව තාක්ෂණය ලබාදීම උත්සවය සියම්මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ උපප්‍රධාන සංගනායක අබගස් වැවේ රාහුල නා හිමියන්ගේ හා විදේශීය භික්ෂුන් වහන්සේලා මෙන්ම රටවල් පහක 80ක පමණ බොදු දුත පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    vinithathero1 px 900 19 12

    දුත පිරිස ගම්මුන් විසින් ඉතා හරසරින් යුතුව පිළිගැනිම සිදුකල අතර නාහිමිවරු හා දුත පිරිස අතින් ගොඩනැගිල්ල විවර්ත කෙරිණි.

    අඹන්පොල විනීත හිමියන් කුඩා අවධියේ බණ්ඩාරවෙල පාලිත හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ගල්කිරියාගම ශාක්‍යසිංහාරාමය ට වැඩම කොට තිබේ. දැඩි ආර්ථික දුෂ්කරතා මැද අලින් ගහනව ජිවිත අවධානම නොතකමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් බවත් භාෂා නිපුනත්වය මත විදේශයන්හි වැඩම කර ඉංග්‍රීසි භාෂාවෙන් බුදදහම පිළිබඳව ජනතාවට ධර්ම දේශනා කරනු ලැබුහ.

    vinithathero2 px 900 19 12

    එම ධර්ම දේශනාවලින් ලද රුපියල් මිලියන 30ක මුදලක් වැයකර මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ. මේ තුළින් අධ්‍යාපනය ලබන දරු දැරියන් සියයකට, ගැබිණි මව්වරුන් සියයකට, වැඩිහිටියන් පනස් දෙනෙකුට සහ ආබාධිත පුද්ගලයන්ට ආධාර උපකාර කිරීම මෙදින සිදුකෙරිණි. උන් වහන්සේ සිංගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක ධර්ම දේශනා කොට එම රටවල දායක දායිකාවෝ එක්ව මෙරට දරුවන්ට උපකාර කරන බවද ඒ සියල්ල දරුවන්ට නොමිලේ ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව උන් වහන්සේ පැවසුහ .

    අඹන්පොල විනීත හිමියන්ගේ උත්සහය පිළිබඳව අදහස් දැක්වූ ස්වාමීන් වහන්සේලා කියා සිටියේ ලෝකයේ රටවල් වල වැඩමකොට ධර්ම දේශනා කරමින් ලැබෙන දහම් පඬුරු එකතු කර දුෂ්කර ප්‍රදේශයක වූ ගල්කිරියාගම උල්පත ප්‍රදේශයේ අහිංසක දරුවන්ට ජාත්‍යන්තරයට පා තබන්නට සිදුකළ මෙම පුණ්‍යකර්මය සුවිශාල වූ සේවාවක් බවයි. රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන් මෙසේ අදහස් ප්‍රකාශ කළහ.
    "ගල්කිරියාගම උල්පත ප්‍රදේශය සහ එම අවට ප්‍රදේශ අතීතයේ සිටම දැඩි ආර්ථික දුෂ්කරතාවයන් මෙන්ම වන අලින් ගහණ වූ ප්‍රදේශයක්. බුද්ධිමත් බුදු සසුනට වැඩ ඇති යතිවරයාණන් වහන්සේලා ජනිත වූ ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. ඒ වගේම තමයි විනීත ස්වාමීන් වහන්සේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ මෙම ප්‍රදේශයේ වැඩ සිටිමින් දහම් අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන බුදුදහම පිළිබඳව ලොව පුරා විසිරී සිටින ජනතාවට ධර්මය අවබෝධ කර දෙමින් සිදු කරන මෙම මාහැඟි කාර්යය සියලු දෙනාගේම ඇගයීමට පාත්‍ර විය යුතුයි."

    "බොහෝදෙනෙක් අධ්‍යාපනය ලැබීමත් සමඟ මිලමුදල් ලැබීමත් සමග තමන් ජීවත් වූ ගම අතහැරදමන යුගයක්, අදටත් විනීත ස්වාමීන් වහන්සේ රබර් සෙරෙප්පු දෙකක් පාදවල දමාගෙන ඉතා නිරහංකාරව මෙම කටයුතු සිදු කිරීම සුවිශේෂී කරුණක් ලෙස මම දකිනවා. "මේ සම්පත් වලින් මේ ප්‍රදේශවල දුවා දරුවන් ලෝකය ජයගත යුතු වෙනවා."

     

    Latest News