update-රාජිතගේ වෛද්‍ය වාර්තා අධිකරණයට

දෙසැ 30, 2019

    update-බන්ධනාගාර භාරයේ සිටිමින් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්නගේ වෛද්‍ය වාර්තාව  බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ. 

    (රාජිත අද අධිකරණය හමුවට) පෙ.ව 7.30

    සුදුවෑන් මාධ්‍ය හමුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(30) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    රාමාන්ඩ් භාරයේ පසුව රාජිත සේනාරත්න මහතා මේ වනවිට කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. ඔහු තවදුරටත් එම රෝහලේ තැබිමට බන්ධනාගාර පාලන අධිකාරිය තීරණය කර තිබේ.

    බන්ධනාගාර රෝහලට රැගෙනයාම සඳහා ඊයේ (29) එම රෝහලට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට පැය පහකට අධික කාලයකින් පසු මෙම තීරණයට පැමිණ ඇත. රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර කිරිමේ නිරත වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මෙම තිරණය ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    රාජිත සේනාරත්න මහතාව සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ සිද්ධියට අද (30) දක්වා රාක්ෂිත බන්ධනාගර ගත කෙරුණු අතර නඩුව නැවත කැඳවීම අද (30) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදි සිදුවේ.

     

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 11:28

    Latest News