උතුරේ දේශපාලකයින් ජාතිවාදය ඇවිස්සිමේ උත්සහයක - ඇමති එස්. බී. දිසානායක

දෙසැ 28, 2019

    ජතික ගිය දෙමලෙන් ගායනා නොකිරිමට තිරනයක් ගෙන ඇති බවට දෙමල දේශපාලන පිරිස් කරන ප්‍රකාශ ජාතිවාදය ඇති කිරිමට ගන්නා උත්සහයක් බව රාජ්‍ය අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිතුමා, අගමැතිතුමා හෝ විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවත් ඔහු කියා සිටියේය. අමාත්‍ය ඵස් බි දිසානායක මහතා මේ බව කියා සිටියේ අද මහනුවර දි මාධ්‍ය හමුවක් පවත්වමිනි.

    ඉන්දියාවේ සුළු පිරිසක් කතා කරන බෙංගාලි භාෂාවෙන් ජාතික ගිය ගායනා කරන බවත් තමිල් නාඩු දෙමළ බහුතරයක් සිටියත් ඔවුන් හෝ භාෂාවන් 72 ක් ඇති ඉන්දියාවේ කිසිවෙක් බෙංගාලි භාෂාවෙන් ජාතික ගිය ගායනා කිරිම වැරැදි බව හෝ තම තමන්ගේ භාෂාවන්ගෙන් ජාතික ගිය ගායනා කිරිමට ඉල්ලිම් ඉදිරිපත් නොවන බව එස්. බී. දිසානායක මහතා කියා සිටියේය. නවසිලන්තයේ ජාතික ගීය සුළු පිරිසක් භාවිතා කරන ගෝත‍්‍රික භාෂාවකින් ගායනා කළත් කිසිවෙක් විරෝදය නොදක්වන තත්වයක ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ජාතිවාදය ඇති කිරිමක් බව ඔහු අවධාරනය කළේය. එසේ නොකර ජාතික සමගිය ඇති කිරිම සැම දෙනාගේම වගකිමක් වන බව අමාත්‍යවරයා පෙන්වාදුනි.

    දැනට උතුරේ දේශපාලකයන් සිදුකරන්නේ සුදුසුදෙයක් නොවන බවත් තවමත් උතුරේ සිටින දරු දැරියන් ප‍්‍රභාකරන්ගේ මානසිකත්වයෙන් සිටින බවත් ඒ පිරිස එයින් මුදවා ගැනිම වෙනුවට වෙනත් කරුණු හුවා දැක්විම නොකල යුතු දෙයක් බව ද එස් බි දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. එයින් වන්නේ ජාතික සමගියට හානියක් බවයි ඔහු කියා සිටියේ.

    රාජිත සේනාරත්න මහතාට දේශපාලන වශයෙන් පලිගැනීමක් නොකරණ බව විපක්ෂය පවසන පරිදි භාෂනයේ හා අදහස් දැක්විමේ අයිතිය අනුව කරන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාකදි හෙලිවු කරුනු අනුව සොයා බැලිමක් සිදුවන බවත් එසේ සොයා බැලිමේ වරදක් නොමැති බවත් ඔහු කියා සිටියේය. එමෙන්ම රාජිත හා චමිපික පිලිබදව කටයුතු කරන්නේ රටේ පවතින නිතිය අනුව, නිතිපති හා අධිකරනය මගින් බවත් එසේ නොමැතිව කිසිම දේශපාලන පලිගැනිමක් නොවන බව ද ප‍්‍රකාශ කළේය.

    ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ ප‍්‍රශ්නයේදි ද රාජිත මහතා කල ප‍්‍රකාශ සොයා බැලිය යුතු බවත් ඔහුගේ ප‍්‍රකාශ නිලධාරිනිය විසින් කල ප‍්‍රකාශ වලින් ප‍්‍රතික්ශේප කර ඇති බවට කරුණූ හෙලිවි ඇති බව ද එස්. බි. දිසානයක මහතා පැවසිය.

    Last modified on සෙනසුරාදා, 28 දෙසැම්බර් 2019 20:25

    Latest News