ඉන්දියන් කාරයා සල්ලි හොයනවා අපේ මිනිස්සු මැරෙනවා: ධිවර රාජ්‍ය ඇමතිගේ හෘද සාක්ෂිය

දෙසැ 28, 2019

    මාදම්පේ සුදුවැල්ලේ පිහිටි බොල්කා යකඩ උණු කරන කර්මාන්ත ශලාව වසා දමන්න යැයි ධීවර රාජ්‍ය ආමාත්‍ය සනත් නිශාන්ත මහතා පුත්තලම දිස්ත්‍රික් සම්බණ්ධීකරණ රැස්වීමේදී වයඹ පළාත් පරිසර අධිකාරියේ නිළධාරින්ට කරුණු දක්වමින් කියා සිටි.

    පුත්තලම දිස්ත්‍රික් සම්බණ්ධීකරණ කමිටු රැස්වීම පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්විණ. දිස්ත්‍රික් සම්බණ්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අශොක් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිණ.

    ධීවර රාජ්‍ය ආමාත්‍ය සනත් නිශාන්ත මහතා......

    මාදම්පේ සුදුවැල්ලේ තියෙන බොල්කා නම් යකඩ උණු කරන කර්මාන්ත ශලාව වහල දාන්න. දැනට සුවසන පිළකා හැදිලා 13 මැරිලා තියෙනවා . දන්න තරමට 07 දෙනෙක් පණ අදිනවා මැරෙන්න. ඉන්දියන් කාරයා සල්ලි හොයනවා අපේ මිනිස්සු මැරෙනවා යැයි ධීවර රාජ්‍ය ආමාත්‍ය සනත් නිශාන්ත මහතා කියා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ සනත් නිශාන්ත මහතා....

    මේ යකඩ කර්මාන්ත ශලාවේ පිල්ටරය කැඩිලා එයට රුපියල් කොටියක් විතර යනවා. මාසයට දෙකක් විතර යනවා. එය දාන්නේ නැතිව යකඩ උණු කරනවා. මේ වැඩේ කරනවා. මිනිස්සු ටික මැරෙනකන් බලා ඉන්නද කියන්නේ. අපිටත් හෘර්ද සාක්ෂියක් තියෙනවානේ. මගේ ග්‍රාමීය නායකයත් මැරෙන්න පණ අදිනවා. ඇයි මේ කර්මාන්ත ශාලාව වහන්නේ නැත්තේ.

    පුත්තලම් දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් පිළිබදව සියළු තොරතුරු රැස්කර විස්තර ගන්න. නැත්නම් පසුගිය ජනාධිපතිවරණයේ වගේ එහෙත් ජන්ද දලා මෙහෙත් ජන්ද දායි. කරුණාකර ඒ පිළිබදව ඉදිරි මැතිවර්ණ වලදී ගැටළු ඇත් නොවන්න කටයුතු කරමු. ඒ වගේම සංවර්ධනයට කටයුතු වලට බධා ඇති නොවන පරිදි සියළු වැලි කැනීම් නවත්වන්න කයුතු කරන්න. මහජන විරෝධතා ඇත්නම් ඒ පිළිබදව විශේෂ සැලකිල්ලක් දක්වන්න. මුන්දලම මදුරන්කුලිය කල්පිටිය වැලි නිදි පිළිබදව තහනම් නියෝගත් තියෙද්දී වැලි කපන්න කවුද අවසර දෙන්නේ. දෙන්න එපා. ගමේ මිනියගේ අවශ්‍යතාවයට නිසි ලෙස පරීක්ෂා කර බලලා අවසර දෙන්න යැයි ඔහු පැවසිය.

    Last modified on සෙනසුරාදා, 28 දෙසැම්බර් 2019 19:06

    Latest News