මගී ප්‍රවේශපත්‍ර වෙනුවට පෙර ගෙවුම් කාඩ්පත - ඇමති අමරවීර

දෙසැ 28, 2019

    මගීන්ගේ මෙන්ම බස් රථ හිමියන්ගේ පහසුව උදෙසා කටයුතු කරන බව මගී ප්‍රවාහන කලමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දකුණු පළාතේ පෞද්ගලික බස් රථ සම්ගම් අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ තංගල්ලේ පැවැති සාකච්ඡාවකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැසිය.

    ප්‍රවේශපත්‍ර වෙනුවට පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව අමාත්‍ය පවසයි. දැනටමත් මේ සම්බන්ධයෙන් කටයුතු සකස් කරගෙන යන බවද හෙතෙම කියා සිටියේය.

    Latest News