2019 උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වේ: විශ්වවිද්‍යාල අපේක්ෂාක 181,126කට (වීඩියෝ)

දෙසැ 28, 2019
  • මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර තිබේ.

    එය විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් පවසයි. මෙවර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා සිට එම මස 31 වන දින දක්වා පැවැත් වුණ අතර ඒ සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටියහ.

    නව නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 98,229 දෙනෙකු පෙනි සිටි අතර පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක් ලක්ෂ 39,475 දෙනෙකු පෙනී සිට තිබේ.

    2019 වසරෙ උසස් පෙළ ප‍්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට අපේක්ෂකයින් 181, 126 ක් සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයින් 71 දෙනෙකුගේ ප‍්‍රතිඵල අත්හිටුවා ඇතැයි විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

    නැවත සමීක්ෂණය කිරීම් 2020 ජනවාරි 17 වනදා අවසන් වන බව විභාග විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනුයි.

    alresults1 px 900 19 12 28

    Last modified on සෙනසුරාදා, 28 දෙසැම්බර් 2019 20:22

    Latest News