යුරියා පොහොර මිලදී ගන්නා පිරිස් සමග සාකච්ඡාවකට සූදානම්

ඔක් 10, 2022
    2022/23 මහ කන්නය සඳහා ලබා දෙන යූරියා පොහොර සම්බන්ධව විවිධ පාර්ශ්ව විසින් අදහස් දක්වමින් තිබේ. 
    එබැවින් එම පොහොර මිලදී ගැනීම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත්, එම පාර්ශ්වවලට අප රටේ කෘෂිකර්මාන්තය හා ගොවි ජනතාව වෙනුවෙන් එම සාකච්ඡාවට සහභාගීවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලීමක් කරයි. 
    මෙම සාකච්ඡාව අනිද්දා (11) පෙරවරු 12.00ට කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්වීමට සුදානම්. 
    අදාළ සාකච්ඡාව හුදෙක් වාද විවාද කිරීම සඳහා නොව ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් සිදුකරන යුතුකමක් සේ සලකන ලෙසත් ක්‍රමවේදයේ අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීම සඳහා සිදුකරන සාකච්ඡාවක් බවත් අමාත්‍යවරයා පවසයි.

    Latest News