මාතර - බෙලිඅත්ත දුම්රිය මග මාස 03කින් CGR ට ගන්නවා: බෙලිඅත්ත - හම්බන්තොට අදිය ආරම්භයට සුදානම්

ජන 14, 2020

    මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිරි මාස තුන තුළ විදිමත්ව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (13) පස්වරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ගිය අමාත්‍යවරයා එම දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු පිළිබඳව බළධාරින්ගෙන් විමසීමක් කළේය.

    මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදි කිරීම් අවසන් කර මේ වනවිට එහි දුම්රිය ධාවනය සිදු කරමින් තිබුනද, දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුවට විධිමත්ව පවරා ගැනිමක් සිදුව නොමැත. දුම්රිය මාර්ග ව්‍යාපෘතියට පරිබාහිරව ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හි පවතින අඩුපාඩු ඊට හේතුවි තිබේ. මේ සම්බන්ධව දුම්රිය බලධාරින් සමග අවස්ථා ගණනක දී අමාත්‍යවරයා සාකච්ඡා කළේය. ඒ අනුව මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ග සමස්ත ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍යවරයා දුම්රිය බලධාරින්ට නියෝග කර ඇත. මෙම දුම්රිය මාර්ගයේ ඉදි කිරිම් පිලිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව සෑහීමකට පත් වන්නේ නම් දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදිනි.

    ඒ අනුව ශක්‍යතා වාර්තාව සකස් කරමින් පවතින අතර ඉදිරි මාස තුන තුළ මාතර- බෙලිඅත්ත ව්‍යාපෘතිය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා දුම්රිය බලධාරින්ට උපදෙස් දෙනු ලැබීය. මාතර- කතරගම දුම්රිය මාර්ගයේ දෙවන අදියර වන බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වු අදියරේ ඉදි කිරීම් සඳහා ඉඩම් පවරාගැනීම්, වන්දි ලබා මෙන්ම ශක්‍යතා වාර්තාව කඩිනමින් අවසන් කරන බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

    raiwayamara1 px 900 20 01 1

    ශ්‍රී ලංකා දුම්රිය සේවාව මහජන ආකර්ශනයට හේතුවන ප්‍රවාහණ සේවාවක් දක්වා සංවර්ධනය කිරීම රජයේ වත්මන් රජයේ අරමුණ වි තිබේ. එම සේවාව පවත්වාගෙන යාමට දායකවීම මහජනතාවගේ වගකීමක් බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා.....

    දුම්රිය මැඳිරි යනු මහජන දේපොළකි. එවැනි මහජන දේපොළ අවභාවිතා කරමින් ඒවා විනාශ කරන පිරිස්වල ස්වභාවය නම් තමන් නූගත් පිරිසක් බව සෙසු ජනතාවට ඒත්තු ගැන්වීමයි. මහජන දේපොල සුරැකීම මහජනතාවගේ ද වගකිමකි. අපේ රටේ නව තරුණ පරම්පරාවේ ඇතැම් පිරිස් මෙම තත්ත්වය අවබෝධ කරගෙන සිටියත් තවමත් සමහරුන් හැසිරෙන්නේ නුගතුන් පිරිසක් වශයෙන් යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 11:21

    Latest News