ඇල්ල සංචාරකයින්ගෙන් පිරී යයි

දෙසැ 27, 2019

    ඇල්ලට විශාල වශයෙන් විදේශීය සංචරකයෙන් පැමිණෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සොදුරුතම ගමනාන්තයක්වන ඇල්ල - මේ දිනවල සංචාරකයන්ගෙන් පීරී පවති. මේ සමගම පසුගිය කාලයේ කඩාවැටුන සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වෙමින් තිබෙන බව ද අප වාර්තාකරු සඳහන් කරයි.


    උඩරට දුම්රිය මාර්ගයේ සොදුරු දසුන් දකිමින් ඇල්ලට පැමිණෙ සංචාරකයන්ගෙන් මේ දිනවල දුම්රිය ද පිරී පවතී. හෝටල්, සංචාරක නිවාස, නිවාස නවාතැන් (හෝම්ස්ටේ) හා අවන්හල්වල ද ආදායම් ඉහල යමින් තිබෙන බවද වාර්තාවේ. දියඇලි, ගිරිදුර්ඝ, කඳුවැටි, ඇතුලු සොදුරු පරිසරයෙන් යුත් ඇල්ල ප්‍රදේශය ලෝකයේ හොඳම ඔක්සිජන් වායුව ඇති ප්‍රදේශ අතරට එක්වී තිබීමද විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනයට හේතුවී තිබේ.

    ella--02.jpg

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 11:25

    Latest News