update- මහේස්ත්‍රාත් නිරික්ෂණයෙන් පසු රාජිත රිමාන්ඩ් බාරයට

දෙසැ 27, 2019

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.

    මහේස්ත්‍රාත්වරිය විසින් රාජිත සේනාරත්න මහතාව නිරික්ෂණය කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණ. ඒ අනුව සැකකරුව බන්ධනාගාර බාරයේ තබා ගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

    රාජිත නිරික්ෂණයට මහේස්ත්‍රාත්වරිය රෝහලට ( 16.30)

    රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිරීක්ෂණය සදහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නාරාහේන්පිට පුද්ගලික රෝහලට පැමිණේ.

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගත් බවට මහේස්ත්‍රාත්වරිය දැනුම් දී මෙන් පසුයි නිරික්ෂණය සඳහ මහේස්ත්‍රාත්වරිය රෝහල වෙත පැමිණ ඇත්තේ.

    මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයෙන් පසු රාජිත සේනාරත්න මහතාව බන්ධනාගාර ගත කිරීම සම්බන්ධ තිරණය ගැනිමට නියමිතයි.

    රාජිත සේනාරත්න CID අත්අඩංගුවට ( 14.39)

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළුවේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. 

    අද උදෑසන රාජිත සේනාරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැනුණු අතර. අනතුරුව ඔහු ලංකා රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරිණ.

    මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26) රාත්‍රි 8.00ට පමණ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් වී ඇති අතර ඒ  මහතාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු නිලධාරීන් මධ්‍යම රාත්‍රී වනතුරු රෝහල් පරිශ්‍රයේ රැඳී සිට ඇත.

    රෝහල්ගත කිරීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමට අදාල වෛද්‍ය පරීක්ෂණයේ වාර්ථාව ලැබෙන තුරු බලා සිටි බව අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

    අධිකරණයේ වරෙන්තු ලබා සිටින සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොවී රෝහල්ගත වූ අවස්ථාවකදී   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රෝහලට ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් ගෙන අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබන අතර ඉන් පසු ඒ බව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම්දීම සිදු කෙරෙන අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගනු ලබයි.

    2019.12.27 (පෙ.ව 10.00) රාජිත සේනාරත්න CID භාරයට

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබේ. අනතුරුව ඔහු නාරාහේන්පිට ලංකා රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

     
     
    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 18:01

    Latest News