තායිලන්තයට නිදහස් වීසා

මැයි 30, 2024

    තායි කැබිනට් මණ්ඩලය විසින් එරට සංචාරක ව්‍යාපාරයට නව උත්තේජනයක් ලබා දීම සඳහා බහුවිධ වීසා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

    එමඟින් දින 30කට වඩා වැඩි කාලයක් එරට රැඳී සිටීමට අදහස් කරන ශ්‍රී ලාංකිකයින් ඇතුළු තවත් රටවල් 36 ක සංචාරකයින් සඳහා ප්‍රතිලාභ රැසක් හඳුන්වා දී තිබෙනවා.

    ජූනි 1 වනදා සිට, වීසා-නිදහස් ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා ඉහළ දමා ඇති අතර වීසා රහිත රැඳී සිටීමේ කාලයද දින 60 දක්වා දීර්ඝ කර තිබෙනවා.

    අලුතින් එකතු කරන ලද රටවලට ශ්‍රී ලංකාව, ලාඕසය, ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, කසකස්තානය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව, රුමේනියාව, උස්බෙකිස්තානයද ඇතුලත්.

    තායිලන්තය සැමවිටම ජනප්‍රිය නිවාඩු ගමනාන්තයක් වන අතර රටේ මනරම් වෙරළ, දූපත්, විදේශීය ආහාර, වන සතුන් සහ සංස්කෘතිය සංචාරක ආකර්ශනය දෙගුණ තෙගුණ කිරීමට සමත්ව තිබෙනවා.

    Latest News