A/L ප්‍රතිඵල අද අන්තර් ජාලයට

දෙසැ 27, 2019

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    අද දිනය තුළ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට ප්‍රතිඵල නිකුත් කරන බවයි, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ. ප්‍රතිඵල අවසන් වශයෙන් සමාලෝචනට ඊයේ (26) සිදුකර තිබේ.

    මෙවර විභාගය සඳහා පෙනි සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 37, 704ක්.නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙක් විභාගය පෙනී සිටියේය.

    උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 5 වැනිදා සිට එම මස 31 වැනිදා දක්වා පැවැත්විණ.

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 07:44

    Latest News