දුම්රිය ආසන වෙන්කිරීම Online ක්‍රමයට..ඇමති අමරවීර

පෙබ 12, 2020

    දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහා සුහුරු ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීම හා දුම්රියේ ආසන වෙන් කිරීම ඔන් ලයින් ක්‍රමයට සිදු කිරීමට අදාළ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    පසුගියදා රත්මලාන දුම්රිය අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා පත්‍රිකාවක් ද මේ වන විට ඉදිරිපත් කර තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. දැනට දුම්රිය ප්‍රවේශපත් කල්තියා වෙන් කිරීමේ දී ඇතැම් පුද්ගලයන් සිදු කරන නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද බලවත් අපහසුතාවට ලක්වන බව හඳුනාගෙන තිබේ.

    ඇතැම් දුර ගමන් ප්‍රවේශ පත්‍ර පවතින මිලට වඩා කිහිප ගුණයකින් වැඩි මිලකට අලෙවි කිරීමට සිදු කෙරේ. රුපියල් 1200ක් වටිනා ප්‍රවේශ පත්‍රයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් හාරදහසක් වැනි මිලකටයි. මෙම තත්වය වළක්වාලීම සඳහාත් දුම්රිය සේවාව වඩා ගුණාත්මක සේවාවක් බවට පත්කිරීම සඳහාත්, මෙම පියවර ගැනීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 11:37

    Latest News