වැලිජාවාරමක් නිසා වැල්ලවාය උණුසුම්

දෙසැ 25, 2019

    වැල්ලවාය, සුදුපානාවල අමුණ ආශ්‍රිත ප්‍රදේශයේ කිරිදිඔයේ වැලි කැණීම් නිසා සුදුපානාවල අමුණවිනාශ වන බව පවසමින් ගම්වාසීන් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කිරිමත් සමගඊයේ (24) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගැනිණ.

    කිරිදිඔය සුද්ද පවිත්‍ර කිරීමට බව පවසා බලපත්‍රයක් ලබාගෙන මෙලෙස කිරිදි ඔය අමුණ අසළින් අඩි 20කට වඩා ගැඹුරට හරා වැලි ලබාගන්නා බව ප්‍රදේශවාසීන් පවසයි.මෙම අමුණෙන් ලබාගන්නා ජලය යොදා කුඹුරු අක්කර දෙදසහසකට වඩා වගා කරන බව ජනතාව පවසයි.ගම්වාසීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද නිසි විසදුමක් නොලැබුණ බවද ඔවුන් පවසයි.

    විරෝධය පළකිරීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර වැල්ලවාය පොලිසිය මැදිහත් වී සිද්ධිය සමතයට පත්කළේය.පසුව තාවකාලිකව මෙම වැලි ගොඩදැමීම නතර කළ අතර යන්ත්‍ර උපකරණ ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.

    එම සිද්ධිය ජායාරූප ගතකළ වැලිගොඩදැමීමට පැමිණි පුද්ගලයෙක්ටද ප්‍රදේශවාසීන් විසින් දැඩි විරෝධයක් එල්ල කළ අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයෙන් ඉවත් කිරීමට වැල්ලවාය පොලිස් නිලධාරීන් කටයුතු කළේය.

     

    Last modified on බදාදා, 25 දෙසැම්බර් 2019 09:54

    Latest News