කදිරවේලි රක්ෂිතයේ වැලි කැණීම් සිදුකළ 05 ක් STF අත්අඩංගුවට

අප්‍රේ 28, 2023

    වාකරේ කදිරවේලි රක්ෂිතය වනසමින් වැලි කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකෙු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් ව තිබේ.

    විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට වාකරේ පොලිස් වසමේ වන්නි කිරිමිච්චිආරු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

    එහි දී ජාතික රක්ෂිතයක් වන කදිරවේලි රක්ෂිතය ජෛව විවිධත්වයට ද හානි ගෙන දෙමින් දිගු කලෙක පටන් සිදුකරන වැලි ජාවාරම පසුපස හබාගිය විශේෂ කාර්ය බලකාය වැලි කැණීම් කර පටවමින් සිටි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 24, 31, 32, 31 වයස්වල පුද්ගලයින් පස්දෙනෙකු වැලි පුරවන ලද ට්‍රැක්ටර් රථ 04 ක් සහ වැලි පැටවීමට භාවිතා කරන ලද ලෝඩර් රථයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    Latest News