ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා (වීඩියෝ)

දෙසැ 24, 2019
  • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සඳහා වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත් කර තිබේ.

    පත්වීමට අදාළ ලිපිය අද පස්වරුවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී ඒ මහතා වෙත පිරිනැමුණි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්වීම් ලිපියේ පිළිගන්වනු ලැබීය. මේ අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මීට පෙර සෞඛ්‍ය, ආර්ථික, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය සේවා අංශයේ අතිරේක ලේකම් ධුරය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති ඒ මහතා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සභාපති ධුරය සහ පළාත් පාලන ණය සහ සංවර්ධන අරමුදලේ සභාපති ධූරයද දරා ඇත. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ අයෙකි.

    Last modified on බදාදා, 25 දෙසැම්බර් 2019 10:37

    Latest News