අයහපත් කාලගුණයෙන් පවුල් 3314ක් පීඩාවට..දිස්ත්‍රික්ක 3කට නාය අනතුරු ඇඟවීම්

දෙසැ 22, 2019

    දිවයිනේ දිස්ත්‍රික්ක 13කට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 3314කට අයත් පුද්ගලයන් 26492ක් විපතට පත්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් ආරක්ෂිත ස්ථාන 90ක රඳවා සිටියි.

    ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලු පහසුකම් සැලසීමට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයත් අනුයුක්ත කර තිබේ.

    පුද්ගල මරණ 3ක්,තුවාලකරුවන් 6ක් මේ වන විට වාර්තා වී තිබේ. එමෙන්ම පූර්ව නිවාස හානි 47ක්, අර්ධ නිවාස හානි 1007ක් වාර්තා වෙයි. මඩකලපුව හා පුත්තලම ප්‍රදේශවල පුද්ගලයින් 70කට අධික පිරිසක් හා මනම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 40ක් ත්‍රිවිධ හමුදාව ඊයේ සවස්වරුවේ මුදාගනු ලැබීය.
    වැඩිම පීඩාවට පත් දිස්ත්‍රික්ක ලෙස පුත්තලම,අනුරාධපුර,පොළොන්නරුව,මඩකලවු අම්පාර මධ්‍ය කඳුකරයේ දිස්ත්‍රික්ක වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    නායයාම් සම්බන්ධයෙන් මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල රතු නිවේදන නිකුත් කර ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 09:02

    Latest News