සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින පුරා වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හි දී තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ දිස්ත්‍රික්ක 13කට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 3314කට අයත් පුද්ගලයන් 26492ක් විපතට පත්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් ආරක්ෂිත ස්ථාන 90ක රඳවා සිටියි.

අයහපත් කාලගුණයත් සමඟ වාකරේ - පනිච්චන්කේර්නි ප්‍රදේශයේ සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනූව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හිඟුරක්ගොඩ සිට පිටත්කර යවා තිබේ.

ඉදිරි පැය 24ක කාලය තුල දකුණ,සබරගමුව,මධ්‍යම හා බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

Latest News