හිටපු ඇමති රාජිතගේ හඬ පට කිහිපයක් CID යට (වීඩියෝ)

දෙසැ 21, 2019
  • සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සිංහලේ සංවිධානය අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ සිංහලේ සංවිධානයයි. සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවස්ථා කිහිපයකදී සිදු කළ ප්‍රකාශ ඇතුලත් වීඩියෝ පටයක් ද සිංහලේ සංවිධානය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබේ. සිද්ධියට අදාල ලිඛිත හා වාචික සාක්‍ෂි රැසක් ද අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බව ඔවුන් කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 22:20

    Latest News