වාකරේ ආපදා මෙහෙයුමට හෙලිකොප්ටරයක්..මොණරාගල 2335ක් අවතැන්

දෙසැ 21, 2019

    අයහපත් කාලගුණයත් සමඟ වාකරේ - පනිච්චන්කේර්නි ප්‍රදේශයේ සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනූව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හිඟුරක්ගොඩ සිට පිටත්කර යවා තිබේ.

    මෙ අතර අධික වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා අද (21) දහවල් වන විට පවුල් 587ක 2335 දෙනෙකු අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පවසයි.

    මොණරාගල දිස්ත්‍රික්කයේ ගල්ඔය,කුඹුක්කන්ඔය.වළවේ ගග,මැණික් ගග,විලඔය,හැඩ ඔය ඇතුලු ගංගා ජලයෙන් පෝෂණය වන දෙටගමුව, කිරිඉබ්බන්ආර, මිගහඅරාව, කිතුල්කටුව, හඹරළුව, අක්කර දෙක,මරගල, වෙහෙරගල,ඇතුලු ගංගාවන් සියල්ලම අඩි 5-6 උසට ජලය පිටාර ගැලීම නිසා දිස්ත්‍රික්කයට ගංවතුර තත්වයක් ඇතිවු බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

    අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්කයේ නිවාස 190ක් හානියට පත්ව එක් ජීවිත අනතුරක් සිදු වු බව රවීන්ද්‍ර කුමාර මහතා කීය. අවතැන් වු අයගෙන් නිවාස වලට යාමට නොහැකිව සිටින පවුල් 90 ක 200ක් පමණ දෙනා තවමත් කදවුරු 6ක රැඳී සිටියි. දිස්ත්‍රික්කයේ ගංවතුර හා නාය යෑම් නිසා මාර්ග අවහිර වී විදුලි රැහැන් බිමට වැටී, ජල මාර්ග අවහිරවී තිබේ.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 15:20

    Latest News