කලාවැව සහ ඇතිමලේවිල ඔය පිටාර ගලා අතරමන් වු 32ක් නාවික හමුදා බෙරා ගනී

දෙසැ 21, 2019

    කලාවැව පිටාර ගැලිම හේතුවෙන් අනුරාධපුර ඉපලෝගම දික්වැව ගම්මානයේ අවතැන්ව සිටි පුද්ගලයින් විසි අටදෙනෙකු නාවික හමුදාව විසින් අද (21) බේරා ගැනිමට සමත් විය.

    මේ අතර ඇතිමලේ විල ඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා විසින් බෙරා ගෙත ඇත. දින දෙකක් සිට පැවතින දැඩි වර්ෂාවෙන් ඇතිමලේ විල ඔය පිටාර ගලා ඇති වු ගංවතුරට බඩ ඉරිඟු හේනක ගොවිතැන් කටයුතු වල නිරත මෙම සිව්දෙනා හසුවි සිටි බව නාවික හමුදාව පවසයි. එ අනුව ක්‍රියාත්මක වු නාවික හමුදා සෙබලුන් විසින් අවතැන්ව සිටි පුද්ගලයින් මුදවා ගෙන නැවත ගම්මානයට රැගෙන විත් ඇත.

    මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයට මුහුණ දීමට සහන කණ්ඩයම් රැසක් ප්‍රදේශ රැසක අනුයුක්ත කිරීමට විට කටයුතු කර ඇත. ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය වන පරිදි නාවික විධානයන් තුල හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම් කර සිටිති.
    ඇත.

    Latest News