කාසල්රි - මවුස්සාකැලේ පිටාර මට්මට

දෙසැ 21, 2019

    කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමට ආසන්නයේ පවතියි.

    ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ අධික වැසි ලැබුන බවයි. කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 4 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටමට අඩි 8 ක් දක්වා ආසන්නව තිබේ.

    මෙම ජලාශවල ජල මට්ටම ඉහළ යෑමෙන් කැනියොන්, ලක්ෂපාන,නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමසුරෙන්ද්‍ර යන ජල විදුලිබලාගාර වල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන්ද කියා සිටියේ.

    මේ අතර අධික වර්ෂාව හේතුවෙන් (20) දින පස්වරුවේ ස්වයංක්‍රීයව විවෘත වූ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුව (21) දින අලුයම වන විට ස්වයංක්‍රීයවම වැසි ඇත.

    එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණ හොත් ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශවේල්ලට පහළින් කොත්මලේඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටිය යුතු බව ඉහළකොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවන් දැනුම් දෙයි.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 09:16

    Latest News