කොත්මලේ,කාසල්රි,මාවුස්සාකැලේ පිටාර මට්ටමට

සැප් 17, 2019

    ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටුව අද (17) උදැසන 8.00 සිට ස්වයංක්‍රියව විවෘත වී තිබේ. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇඳහැලෙන අධික වර්ෂාවත් සමගයි.

    එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද විවෘත කිරිමට සිදුබන බවයි, එහි ඉංජිනේරුවරු පවසන්නේ.  ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් හා ජලය පරිහරණය කරන අය සැලකිළිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවට දැනුම් දෙයි.

    මේ අතර, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 12:53

    Latest News