අධිවේගී මාර්ගයේ නීති කැඩූ 222ක් පොලිස් දැලේ

ජූනි 10, 2023

    කුරුණැගල සිට හම්බන්තොට, මත්තල දක්වා මාර්ග කොටස් තුනේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී බීමත් රියදුරන් ඇතුළු 222 දෙදෙනෙකුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත් බව, අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය පවසනවා.

    ඊයේ රාත්‍රියේ පැය 3 ක් පුරා මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා. ‍අධිවේගී මාර්ගයට පිවිසීමේ දී වාහනවල නිසි අයුරින් විදුලි පහන් ක්‍රියාත්මක‍ නොකිරීම, අධික ලෙස ටයර් ගෙවී තිබීම, ලියාපදිංචි අංක තහඩු ප්‍රදර්ශනය නොකර වාහන ධාවනයේ යෙදීම ආදී අඩුපාඩු හේතුවෙනුයි, නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ. ‍

    දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ආවරණය වන පරදි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඉදිරි දිනවලදීත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි , අධිවේගී රථ වාහන කොට්ඨාසය පවසන්නේ.

    Latest News