අධිවේගයේ වාසිය කෝටි 7 ක්

අප්‍රේ 18, 2023

    පසුගිය පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 7 ඉක්මවූ ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

    එම කාලසීමාව තුළ වාහන දෙලක්ෂ 56,225 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

    මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලණිගම පිවිසුම් අතරදී ඊයේ රාත්‍රියේ රිය අනතුරු 06 ක් සිදුව තිබෙනවා.

    එම අනතුරුවලින් වාහන 26 කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය පවසනවා.

    අනතුරු සිදුව ඇත්තේ නියමිත පරතරය තබාගෙන වාහන ධාවනය නොකිරීම හේතුවෙන්.

    Latest News