ලොරි රථයක් පෙරලි දෙදෙනෙක් නුවරඑළිය රෝහලට

දෙසැ 14, 2019

    හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළිමෙන් දෙදෙනෙකු තුවාල ලබා කොටගල රජයේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.

    අනතුරෙන් තුවාල ලැබු ලොරි රථයේ රියදුරු හා රිය සහයක මුලික ප්‍රතිකාර වලින් පසු නුවරඑළිය රෝහලට වැඩිදුර ප්‍රථිකාර සදහා යොමු කළ බව පොලිසිය පවසයි.

    හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඩෙවෝන් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ. අධික වංගු සහිත මාර්ගයෙන් ඉවතට ධාවනය වු ලොරි රථය අඩි 50 ක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇත. කොළඹට එළවළු ප්‍රවාහනය කර නැවත පැමිණ අතරතුර දී අනතුරට සිදුවා තිබේ. ඊයේ (13) රාත්‍රි 11.30 පමණ අනතුර සිදුවී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයී.

    lorryacciden1t px 900 14 12

     

    Latest News