හම්බන්තොට වැව් ජලජ ශඛ ඉවත් කිරිමට පියවර

දෙසැ 14, 2019

    හම්බන්තොට දිස්ත්‍රික්යේ වැව්වල ජලජ ශාඛ ඉවත් කිරීමට වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.

    එහි පියවරක් ලෙස තිස්සමහාරයේ තිස්ස වැවේ ජලජ ශාඛ ඉවත් කිරිමට වාරි මාර්ග දෙපාර්තුමේන්තුව සතු නවීණ යන්ත්‍රයක් යොදවා ඊයේ (13) ආරම්භ කෙරිණි.

    මෙම යන්ත්‍රය මගින් වැව තුල ඇති ජලජ ශාඛ එකතු කර ගොඩට රැගෙන විත් වෙනත් ස්ථානකයට ප්‍රවාහනය කිරීම සිදු කෙරේ. මෙම යන්ත්‍ර භාවිත තුළින් වේගයෙන් ජලජ ශාඛ ඉවත් කිරිමට හැකි හෙයින් ජලජ ශාඛ වැවි ඇති සියළුම වැව්වල ජලජ ශාඛ ඉවත් කිරිමට පියවර ගන්නා බව වාරි මාර්ග ඉංජිනේරුවරු සඳහන් කරති.

    Latest News