මුලතිව්හි - වැවේ සිරව සිටි පිරිස බේරා ගැනේ (විඩියෝ)

නොවැ 09, 2018
  • මුලතිව්, කුමුලමුනෙයි ප්‍රදේශයේ නිත්තකේක්කුලම වැවේ කොටසක් කැඩී යාමෙන් සිර වී සිටි පුද්ගලයින් 6 දෙනා අද උදෑසන බේරා ගැනිණ.

    ඒ ගුවන් හමුදාවේ ද සහය ඇතිවයි. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම සඳහා ඊයේ රාත්‍රී සිට යුද හමුදාවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ද ගුවන් හමුදාවට ලැබිණ.

    ජලයට කොටුවී සිටි පිරිස අතර කාන්තාවක් ද විය. පවතින අධික වර්ෂාව හේතුවෙන් වැවේ කොටසක් කඩා ගෙන ගොස් ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

    Last modified on සිකුරාදා, 09 නොවැම්බර් 2018 13:02

    Latest News