නැව් 7ක් නිසා වැඩ වැඩිවුණ හම්බන්තොට වරාය

ජන 05, 2019

    නව වසර උදාවීමත් සමඟ ගෙවීගිය දින කීපය තුලදී  හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුලට  නෞකාවන් 07ක් පැමිණ පැමිණ තිබේ. 

    'අබාන් අබ්රාහම් තෙල් ගවේෂණ නෞකාව අලුත් වැඩියාවන් වෙනුවෙන්ද, 'ඕකිඩ් (Orchid) යාත්‍රාව නැව්නැ භාණ්ඩ තොග හුවමාරුවත්, 'චැම්පියන් එක්ස්ප්රෙස්' (Champion Express) තෙල් නැව අලුත් වැඩියාවකට සහ , 'ග්ලෝවිස් සිරිස්' (Glovis Siris) සහ 'ග්ලෝවිස් චැම්පියන්' (Glovis Champion) යන නෞකාවන් ගොඩබෑම් සහ පැටවීම් සඳහත්, 'සයුරළ' (Saurala) නෞකාව ද සේවාවන් රැසක් වෙනුවෙන් පැමිණි බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහ සමාගම පවසයි.

    අබාන් ආබ්රහම්’ පෙලිකන් කාණ්ඩයේ තෙල් ගවේෂණ නෞකාවක් වන අතර ආම්පන්න සැකසුම් වෙනුවෙන් පැමිණ ඇති අතර මීටර් 219ක් දිගින් යුතුවේ. මාස 6ක කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම්ලා සිටිනු ඇත. ගවේෂණ නෞකාව වරායට ගෙන්වා ගැනීමට HIPG සමාගමේ වාණිජ හා වෙළෙඳ අංශයන්හි කාර්ය මණ්ඩලය විශිෂ්ඨ සේවයක් සිදුකර තිබේ. වඩාත් ප්‍රසිද්ධ ඉල්ලුමක් ඇති වරායන් කිහිපයක් සමඟ තරග කිරිමෙන් පසු හම්බන්තොට ජාත්‍යන්තර වරාය තෝරා ගැනීම සිදුව තිබේ.

    හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරායේ නිපුණතා සහිත සේවක මණ්ඩලය දැනට නැංගුරම්ලා ඇති නෞකාවල තොග ගොඩබෑම්  කටයුතුවල නිරතවේ. මෝටර් රථ නැව් හුවමාරු කිරීම සදහා පැමිණ ඇති නෞකා 2කේ මෙහෙයුම්ද සිදුකෙරේ. අලුත් වැඩියා කටයුතු සදහා පැමිණි නාවික හමුදාවේ සයුරු රළ නැව ද හම්බන්තොට වරායේ නැංගුරම්ලා ඇත.

    පසුගිය වසර තුළ වරායේ සේවාවන් සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර මෙහෙයුම්වලට සීමාවී තිබූ ක්‍රියාකාරකම්  තොග, තොග-කැඩීම්නැව් නවතා තැබීම, නැව් සැපයුම් සේවා වැනි අංශ දක් ව්‍යාප්තිය වුයේය.හම්බන්තොට වරයා ලොව සුපතල බහු සේවා වරායක් ලෙස ස්ථානගත කිරීමටතම සමාගමේ වෙළෙඳ සහ වාණිජ කණ්ඩායම් 2018 වසර පුරා දැරූ ප්‍රයන්තය සාර්ථක වී ඇති බව HIPG සමාගම පෙන්වා දෙයි.

    එමෙන්ම 2019 වසර තුල ප්‍රවාහනය තවදුරටත් ව්‍යාප්ත කරමින් වරායේ පිරිවැටුම විශාල ලෙස වර්ධනය කොට හම්බන්තොට ප්‍රදේශයේ  ආර්ථිකයද නංවාලීම HIPG සමාගමේ අපේක්ෂාවි තිබේ. 

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහ සමාගම කළමනාකරණය 2017 දෙසැම්බර් මාස භාරගනු ලැබිණ. එ අනුව වසරක් තුළ සන්ධිස්ථාන රැසක් පසු කර ඇත. මෙවැනි සේවාවන්, සපයන ප්‍රථම අවස්ථාව බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි. තම මව් සමාගම වන සී.එම්. පොර්ට් ආයතනයේ උපදෙස් සහ විශේෂඥ දැනුම ලබා ගැනීමට හැකී වීම ඉතාම වාසිදායක තත්වයක් බව ඔහු පවසයි.

    තිස්ස වික්‍රමසිංහ - “සී එම්. පොර්ට් සමාමේ නාවික ජාල ප්‍රවේශය උපකාරයක් වූ බවත්, මෙම මෙහෙයුමේ සාර්ථකත්වයට ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලද සහයද අගය කරමි” යැයි ඔහු පවසා සිටි.

    සාම්ප්‍රදායික නාවික ක්‍රියාකාරකම් වලින් බැහැරව, විවිධාංගීකරණය තුළින් ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම උපරීම තත්ත්වයකට ගෙන ඒමට වරාය දරා ඇති ප්‍රයන්තය මෙරට නාවික අංශයේ අවධානයට ලක් වී ඇති බවත්, විවිධ සමුද්‍රීය ව්‍යාපාර දිරිගැන්වීම වැනි අමතර සේවාවන් රැසක්, හඳුන්වාදීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සුදානමින් සිටින බවත් තිස්ස ‍වික්‍රමසිංහ මහතා පවසයි.

    p5

    p2 1

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 14:15

    Latest News