බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය 200 ක් අත්අඩංගුවට

දෙසැ 14, 2019

    2019 වසරේ ගතවු කාලය තුළ බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැමිණිලි 1,384 ක් ලැබී ඇති බව පවසන කාර්යාංශය එය 2018 වසරේ වාර්තා වු පැමිණිලි සංඛ්‍යවට සාපේකෂව අඩු සංඛ්‍යාවක් වන බවද කියා සිටී.

    2018 වර්ශයේ දී බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,449 කි.

    විදේශ රටවලට රැකියා සඳහා පිටත්වීමේදී විදේශ රැකියා ආයතන තෝරා ගැනීමේ දි එම ආයතනයේ වලංගු භාවය පිළිබද සැලකිළිමත් වන ලෙසද එම ආයතන සම්බන්ධයෙන් සොයා බලන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News