පසුගිය මහකන්නයේ වී තොග සහල් කර සතොසට

දෙසැ 12, 2019

    2018-19 මහ කන්නයේ දී රජය මිල දී ගත් වී තොග සහල් කර ලංකා සතොස වෙළෙඳ ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    මේ අනූව, වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල පවතින වී මෙට්‍රික් ටොන් 42,000ක් පමණ සහල් බවට පත් කෙරෙනු ඇති. මේ දිනවල වෙළෙඳපොළ තුල සහල් මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැනුම් දීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත.

    ඉදිරි මාස තුනක කාලය තුළ හිගයකින් තොරව සහල් වෙළෙඳපොළට සැපයීම උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වශයෙන් වපත්වාගෙන යාමටත් මෙමගින් අරමුණු කෙරේ. සහල් මෝල් හිමියන් දැනුම් දී ඇති වී හිඟතාවය සැලකිල්ලට ගනිමින් සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 98ක් ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත. පසුගිය මහ කන්නයන්හි දී රජය මිලදී ගනු ලැබූ වී තොගවලින් කොටසක් පෞද්ගලික අංශයේ සුළු හා මධ්‍යපරිමාණ වී මෝල් හිමියන් හරහා සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත්කර තිබේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 14:55

    Latest News