වෛද්‍ය සාෆිගේ චෝදනා විමර්ශනයට CID නව කණ්ඩායමකට හා සාක්ෂි ගැනිමට අධිකරණයෙන් අවසර

දෙසැ 12, 2019

    කුරුණැගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සියාබ්දීන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නව කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂන දෙපාර්මේන්තුව අද (12) අධිකරණයට දැනුම් දුනි.

    නඩුව අද කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට හමුවේ කියා සිටියේය.

    විමර්ශන සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ සිදු කෙරෙන බවත් සිද්ධියට අදාලව යලි සාක්ෂි සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය හිමි විය.

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි වඳ සැත්කම් සිදුකල බවට චෝදනා එල්ලවි තිබේ. මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකර ඇති බවත් එයින් සැත්කම් 4000ක් වඳ සැත්කම් බවට චෝදනා එල්ලවි ඇත. මේ අනුව සැකකටයුතු ලෙස වත්කම් ඉපැයිමේ චෝදනාවක් ද ඔහුට එරෙහිව පවතියි.  

    සිද්ධියට අදාළව නඩුව යළි ලබන ජනවාරි මස 16 වනදා කැඳවීමට නියමිතය.

     

    Latest News