පොලීසියේ 60කට මාරුවීම්

දෙසැ 07, 2019

    වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 කට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

    ඊයේ (06) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ජාතික පොලිස් කොමිසම මගින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනාට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 20 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 කට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 08:21

    Latest News