අඹතලෙන් කොළඹට ජලය සැපයෙන නළයක් කොටිකාවත්තේ දී පුපුරා යයි

දෙසැ 06, 2019

    අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන නළයක් කොටිකාවත්තේ දී කැඩීයාමෙන් කොළඹ 10 සහ 12 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබේ.

    සෙසු ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමටයි පියවර ගෙන ඇත්තේ. කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ අඹතලේ සිට කොටිකාවත්ත දක්වා කොටසේ ජල සැපයුම ද තාවකාලිකව නතර කර තිබේ. නල මාර්ගය කඩිනමින් යථා තත්වයට පත්කිරීමට ක්‍රියා කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    Latest News