කැලණි පෙරහැර ගැන අගමැති විශේෂ සාකච්ජාවක්

දෙසැ 06, 2019

    කැලණිය රජ මහ විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම පිළිබඳ සාකච්ජාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

    වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වෙන්නේ, ලබන මස 6,7,/8 හා 9 යන දිනවලයි. ඓතිහාසික දුරුතු පෙරහැර අලිඇතුන් කලා හා සංස්කෘතිකාංගයක් එක්කරමින් දෙස් විදෙස් නරඹන්නන්ගේ ආකර්ශනය දිනා ගන්නා අයුරින් පැවැත්විය යුතු බව, කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් මෙහි දී කියා සිටියේය. නව රජය බලයට පත් වූ වහාම කැලණිය රජ මහා විහාරයේ දුරුතු පෙරහැර සාර්ථකව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දෙන සහයෝගය පිළිබඳව ද දායක සභාවේ ස්තූතිය හිමිවන බව ද විහාරාධිපතිවරයා මෙහි දී කියා සිටියේය.

    කැලණි රජමහා විහාරයේ දුරුතු පෙරහැර සැර්ථකව පැවැත්වීමට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය නොඅඩුව ලබා දෙන ලෙස ද එහිදී උපදෙස් දෙනු ලැබීය. මේ අවස්ථාව මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

     

     

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 10:45

    Latest News