ගංවතුරෙන් මඩකලපුව පවුල් 3213ක් පීඩාවට

දෙසැ 06, 2019

    මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතිවී ඇති ගංවතුර නිසා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13ක පවුල් 3213 ක 32138 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

    ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 6ක පිහිටා ඈති සුබසාධන කදවුරුවල පවුල් 654 ක 2102 දෙනෙකුට නවාතැන් ලබා දී ඇත. පිඩාවට පත් අයට පිසූ ආහාර වියලි ආහාර ලබා දීමට පියවර ගෙන තිබේ.
    මෙම දිස්ත්‍රික්කයේ දිගටම වැසි වැසි පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ නිසා බොහෝ මාර්ග සම්පුර්ණයෙන්ම ගංවතුරෙන් යටවී ඇති බැවින් ගමනා ගමනය බාධා එල්ලවී තිබේ.

    කාත්තන්කුඩි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝව ගංවතුරෙන් යටවී තිබේ.  ගංවතුර නිසා එම ප්‍රදේශ ජනතාවගේ දෛනික කටයුතු අඩාළ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 11:00

    Latest News