කට උත්තරයක්වත් නොදැන, ගමන් පත්‍රයක නම නොදැන රටින් පිටවිය නොහැකි: අමාත්‍ය දිනේෂ්

දෙසැ 04, 2019

    පැහැර ගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාන්තාව මෙතෙක් කිසිදු පැමිණිල්ලක් සිදුකර නැතැයි, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා....

    “මේ පරීක්‍ෂණ කරගෙන යද්දී ඒ තැනැත්තියගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියා පොලිසිය. පැමිණිල්ලක් ඉල්ලා සිටියා. කිසිවක් අද වෙනතුරු ලබාදීලා නැහැ. මේ අතරතුර තානාපති කාර්යාලය කියා සිටින්න දිගටම උත්සාහ දැරුවා මේ තැනැත්තිය රෝගි තත්වයක් පවතිනවාය. ඒ රෝගි තත්වයට වහාම සෞඛ්‍ය පහසුකම් ලබාගැනිම සඳහා ස්විට්සර්ලන්තයට සුවිශේෂ රෝහල් අහස්යාත්‍රාව ගෙනවිත් ගෙනයන්න අවසර දෙන්න කියලා. කට උත්තරයක්වත් නොදැන, කවුද කියන පුද්ගලයාවත් නොදැන ජාතික හඳුනා ගැනීමේ මත ශ්‍රී ලාංකිකයෙක් හැටියටවත් මෙතෙක් පෙන්වා නැති විදේශ ගමන් පත්‍රයක සඳහන් වන ඒ නම ආදියවත් නොදැන ආගමන-විගමන නීතිය යටතේ ශ්‍රී ලාංකිකයෙකුට රටින් පිට ගමන් කරන්න බැහැ.

    ඒ බව තානාපති කාර්යාලයට අපි කියලා තියෙනවා. මේ තානාපතිතුමාව ස්විට්සර්ලන්තයේ විදේශ තානාපති කාර්යාලයට කැඳවා තිබුණා සඳුදා ඔවුන් ඉල්ලා සිටින්නේ ඒ අවස්ථාවේදී හැකියාවක් තියෙනවානම් මේ තැනැත්තියට හා ඇයගේ පවුලේ අයට රෝහල් ගුවන් යානයෙන් ස්විට්සර්ලන්තයට ගමන් කරන්න ඉඩ දෙන්න කියලා. කොහොම වුණත් මේ තියෙන නීතිය රීතිය ආණ්ඩුක්‍රමය සම්බන්ධව අනුගමනය කරමින් ඕනේ මේ පරීක්‍ෂණය හමාර කරන්න. අපි අද තානාපතිවරුන් සියලු දෙනා කැදෙව්වේ මේ තොරතුරු සම්බන්ධයෙන් මේ තානාපතිවරුන්ටත් පැහැදිලිව පියවරෙන්-පියවර දැනුම් දෙන්න“ යැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 18:02

    Latest News