උඩවලව - චන්ද්‍රිකා වාන් දැමීමට පටන් ගනී: වලවගඟ භාවිතයට අනතුරු ඇඟවීමක් ‍

දෙසැ 04, 2019

    පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් අද පස්වරුවේ අඩි 1 බැගින් විවෘත කළ බව එහි කාර්ය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පවසයි.

    විවෘත කරන ලද වාන් දොරටු තුනෙන් තත්පරයකට ජලය ඝන අඩි 6900 නිකුත් කරන බවත් එම ජලය වලවේ ගඟට මුදාහරින බවත් ඔහු වැඩි වැඩි දුරටත් පැවසීය. වලවේ ගඟ පරිහරණය කිරිමේදි විමසිල්ලෙන් පසු විය යුතු බවත් ඔහු කියා සිටියේය.

    මේ අතර අධික වැසි හේතුවෙන් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව වාන් දැමීමට පටන් ගෙන තිබේ. තත්පරයට ඝන අඩි එකසිය හැත්තෑ අටක් චන්ද්‍රිකා‍ වැවේ වානෙන් පිටවන බව එහි කාර්යභාරය ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පැවසීය.

    Latest News