ද්විත්ව බලවේග දුම්රියක් කොළඹ වරායට (වීඩියෝ)

දෙසැ 03, 2018
  • ඉන්දියාවේ නිෂ්පාදිත ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි ඇන්ජිමක් අද කොළඹ වරායට ළගා විය.

    ඉන්දියානු ණය සහන වැඩපිළිවෙළ යටතේ මෙම දුම්රිය කට්ටලය සහ ඇන්ජිම ශ්‍රී ලංකාවට ලැබිණ. ද්විත්ව බලවේග කට්ටලය මැදිරි 11කින් සමන්විත අතර ඉන් දෙකක් වායු සමනය කර තිබේ. දෙවැනි පන්තිය සහ තෙවැනි පන්තියේ මැදිරිවලින් ද මෙය සමන්විතයි. ද්විත්ව බලවේග කට්ටලයේ වටිනාකම රුපියල් කෝටි 180කි. ඩීසල් විදුලි ඇන්ජිමේ වටිනාකම රුපියල් හත් කෝටි අසූ ලක්ෂයක් පමණ වේ.

    මෙම ද්විත්ව බලවේග කට්ටල දුර ගමන් සේවා සඳහා යෙදවීමට නියමිතයි. ඩීසල් විදුලි දුම්රිය එංජිම ප්‍රධාන මාර්ගවල ධාවනය සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ. ඉන්දියානු ණය සහන වැඩසටහන යටතේ ලබන වසරේ තවත් ද්විත්ව බලවේග කට්ටල 9ක් සහ ඩීසල් විදුලි ඇන්ජින් 5ක් ආනයනය කෙරේ. මෙම බලවේග කට්ටලය විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහාම සකසන ලද සනීපාරක්ෂක පහසුකම්වලින් ද සමන්විතයි.

    බලවේග කට්ටල පරීක්ෂණ ධාවනයෙන් අනතුරුව මගී සේවා සඳහා යොදවන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ජනතාවට වඩාත් සුව පහසු දුම්රිය සේවාවක් ලබන වසරේ සිට ලබාදීමට පියවර ගන්නා බව, දුම්රිය ගොඩබෑමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.

    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 17:01

    Latest News